සායනවලට එන කතුන්ගේ මුදල් සොරා ගත් යුවළක් දැලේ...

ජාතික රෝහලේ සායනවලට එන කාන්තාවන්ගේ මුදල් සහ ස්වරණාභරණ සොරා ගත් යුවළක් දැලේ

by Staff writer 19-04-2023 | 12:35 PM

COLOMBO (News 1st) - කොළඹ ජාතික රෝහලේ සායනවලට පැමිණෙන කාන්තාවන් මත්කර ඔවුන් සතු මුදල් සහ ස්වරණාභරණ සොරා ගත් සැකකරුවෙක් හා සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබේ. 

පොලිසිය පැවසුවේ, ඔවුන් එලෙස සොරා ගත් රුපියල් ලක්ෂ 12ක් පමණ වටිනා රන් ආභරණ වැලිගම ප්‍රදේශයේ රන් භාණ්ඩ මිලදී ගන්නා ස්ථානයකට විකුණා ඇති බවයි.

එම ව්‍යාපාරිකයින් විසින් අදාළ ස්වර්ණාභරණ උණු කර ඇති බව ද විමර්ශනවලදී හෙළි වී තිබේ.

සැකකරු හා සැකකාරිය සායනවලට පැමිණෙන රෝගී කාන්තාවන් සමග මිතුරු වී ඔවුන් පිටතට රැගෙන ගොස් මත්වන ද්‍රව්‍ය අඩංගු ආහාර වර්ග දී ඔවුන්ගේ මුදල් හා ස්වරණාභාරණ කොල්ලා කා ඇති බව පොලිසිය පැවසී ය.