මැයි අවසානේ විදුලිබල පනත පාර්ලිමේන්තුවට

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ මාර්ග සිතියමට කැබිනට් අනුමැතිය

by Staff writer 18-04-2023 | 2:37 PM

COLOMBO (News1st) - විදුලිබල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගත කිරීමේ මාර්ග සිතියමට සහ යෝජිත කාල රාමුවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා මේ බව සඳහන් කළේ,  ට්විටර් පණිවුඩයක් නිකුත් කරමිනි. 

මැයි මස අවසන් වන විට නව විදුලිබල පනත පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් කරන බව එහි දැක්විය. 

මීට අමතරව ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ සම්බන්ධීකරණයට කාර්යාංශයක් පිහිටුවීමට අනුමැතිය හිමිවු බව එම ට්විටර් පණිවිඩයේ සඳහන් ය.

ආසියානු සංවර්ධන බැංකුව, ලෝක බැංකුව , US AID ආයතනයේ සහ JICA ආයතනයේ සහය එම ක්‍රියාවලියට සහ ප්‍රතිව්‍යුහගත වැඩපිළිවෙළට ලබා ගැනීමටත් කැබිනට් අනුමැතිය හිමිවු බව විදුලි බල හා බල ශක්ති අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය. 

මූල්‍ය සහ මානව සම්පත් විගණනයන් අවසන් කිරීමට මෙන්ම ප්‍රතිව්‍යුහගත කිරීමේ සම්පූර්ණ ක්‍රියාවලිය 2023 වර්ෂයේ ඔක්තෝබර් මස අවසන් වන විට සම්පූර්ණ කිරීමටත් කැබිනට් අනුමැතිය හිමි වූ බව අමාත්‍ය කංචන විජේසේකර මහතා නිකුත් කළ  ට්විටර් පණිවුඩයේ වැඩිදුරටත් සඳහන් ය.