වැඩි කළ කෝටාව තවත් සතියක් ක්‍රියාත්මකයි

වැඩි කළ ඉන්ධන කෝටාව තවත් සතියක් ක්‍රියාත්මකයි - තෙල් සංස්ථාව

by Staff writer 18-04-2023 | 12:54 PM

COLOMBO (News1st) - අලුත් අවුරුදු සමය වෙනුවෙන් වැඩිකරන ලද ඉන්ධන කෝටාව තවත් සතියක් එලෙසම ක්‍රියාත්මක බව, ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව පවසයි. 

ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ  සභාපති උවයිස් මොහොමඩ් මහතා සඳහන් කළේ, ඉන්ධන කෝටාව වැඩි කළ දිනවල පරිභෝජනය ඇතුළු සංඛ්‍යා දත්ත විශ්ලේෂණය කර එම වැඩි කළ ඉන්ධන කෝටාව අඛණ්ඩව ලබාදෙන්නේ ද, නැද්ද  යන්න ඉදිරියේදී තීරණය කරන බවයි.

කෝටාව සංශෝධිත දිනයක් සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බව ද ඔහු ප්‍රකාශ කළේ ය. 

පසුගිය 04 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන කෝටාව වැඩි කිරීමට විදුලි බල හා බල ශක්ති අමාත්‍යංශය පියවර ගත්තේ ය. 

ඒ අනුව ත්‍රිරෝද රථයක් සඳහා ලීටර් 5 ක්ව පැවති ඉන්ධන කෝටාව ඉහළ දැමුණේ, ලීටර් 8 ක් දක්වායි.

යතුරු පැදි සඳහා වන ඉන්ධන කෝටාව ලීටර් 4 සිට 7 දක්වා ඉහළ දැමීමට පියවර ගත් බව, අමාත්‍යංශය පැවසී ය. 

බස් රථ සඳහා ඉන්ධන කෝටාව ලීටර් 40 සිට 60 දක්වා ඉහළ දැමුණු අතර මෝටර් රථ සඳහා පැවති ලීටර් 20 ක් වූ ඉන්ධන කෝටාව ඉහළ දැමුණේ ලීටර් 30 ක් ලෙසයි.

වෑන් රථ සඳහා ලීටර් 20 ක්ව පැවති ඉන්ධන කෝටාව ලීටර් 30 ක් දක්වා ඉහළ කෙරිණ.