.webp)

COLOMBO (News1st) - ලබන පළමු වැනිදා සිට පාලන මිලට වඩා අඩුවෙන් බිත්තර අලෙවි කිරීමට තීරණය කර ඇති බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි.
එහි සභාපති සරත් රත්නායක මහතා පැවසුවේ, ඉදිරියේදී තවත් මිල අඩුවිය හැකි බවත් ඒ අනුව දෙසැම්බර් වනවිට රුපියල් 25 ක් , 30 ක් වැනි මිලකට බිත්තර මිලදී ගැනීමට හැකිවනු ඇති බවයි.
මේ අතර උත්සව සමයේ වැඩිමිලට බිත්තර අලෙවි කළ වෙළදුන් 700 කට එරෙහිව නඩු පවරා ඇති බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි.
එහි සභාපති ශාන්ත නිරිඇල්ල මහතා පැවසුවේ, සෙසු පාරිභෝගික වැටලීම් 6000 ක් පමණ සිදු කර ඇති බවයි.
