විශෝධන මධ්‍යස්ථානයෙන් පැන්න රැඳවියෝ කොටු

තල්දෙන විශෝධන මධ්‍යස්ථානයෙන් පැන ගිය රැඳවියන් අල්ලා ගනී

by Staff writer 18-04-2023 | 8:41 AM

COLOMBO (News1st) - බදුල්ල, තල්දෙන තරුණ වරදකරුවන්ගේ විශෝධන මධ්‍යස්ථානයේ පළාගිය රැඳවියන් සියලු දෙනා සොයාගෙන තිබේ. 

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, චන්දන ඒකනායක මහතා සඳහන් කළේ, විශෝධන මධ්‍යස්ථානය ආසන්න රක්ෂිතයේ සැඟව සිටියදී ඔවුන් අත්අඩංගුවට ගත් බවයි.

බදුල්ල, තල්දෙණ තරුණ වරදකරුවන්ගේ විශෝධන මධ්‍යස්ථානයේ රාමසාන් උපවාසයේ නිරතව සිටි රැඳවියන් 9 දෙනෙකු ඊයේ අලුයම එලෙස පලාගොස් තිබිණ. 

පළාගිය රැඳවියන් මත්ද්‍රව්‍ය ඇබ්බැහිවීම් හේතුවෙන් පුනරුත්ථාපනය වෙමින් සිටි පිරිසක් බව ද බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා සඳහන් කළේ ය.