වසර 4 ගෙවුණත් පාස්කු වින්දිතයින්ට,සාධාරණය ඉටුව නැ

වසර 4 ක් ගෙවුණත් පාස්කු වින්දිතයින්ට,සාධාරණය ඉටුව නැහැ...

by Staff writer 17-04-2023 | 10:01 PM

COLOMBO (News1st) - සත්‍ය සහ යුක්තිය ඉල්ලා ජන පවුරක් නිර්මාණය කිරීමට සියලු ජනතාවට ආරාධනා කරන බව කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි.

උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ, අප්‍රේල් 21 ප්‍රහාරයට වසර හතරක් පිරීම නිමිත්තෙන් ලබන 21 වැනිදා පැවැත්වීමට සුදානම් කර ඇති වැඩසටහන් පිළිබඳව දැනුවත් කිරීම සඳහා අද(17) පැවැති මාධ්‍ය හමුවට එක්වෙමිනි.