.webp)
COLOMBO (News 1st) – දකුණු මුහුදේ දී සොයා ගත් හෙරොයින් තොගයේ වටිනාකම රුපියල් මිලියන 3500 ට අධික බව නාවික හමුදාව පවසයි.
නාවික හමුදා මාධ්‍ය, ප්‍රකාශක කපිතාන් ගයාන් වික්‍රමසුරිය මහතා සඳහන් කළේ, එලෙස සොයා ගත් හෙරොයින් තොගයේ බර කිලෝග්‍රැම් 175 ක් බවයි.
නාවික හමුදාව, පොලීසිය සහ බුද්ධි අංශ ඒකාබද්ධව කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී බහුදින ධිවර යාත්‍රාවක තිබී ඊයේ එම මත්ද්‍රව්‍ය තොගය සොයා ගැනිණ.
හෙරොයින් සමග අත්අඩංගුවට ගත් සැකකරුවන් 06 දෙනා අද අලුයම ගාල්ල වරායට රැගෙන විත් තිබිණ.
සැකකරුවන් සහ මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට භාර දීමට නියමිතයි.