.webp)
COLOMBO (News 1st) – බදුල්ල , තල්දෙණ තරුණ වරදකරුවන්ගේ විශෝධන මධ්‍යස්ථානයේ රැඳවියන් 9 දෙනෙකු පලාගොස් තිබේ.
බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, චන්දන ඒකනායක මහතා සඳහන් කළේ, රාමසාන් උපවාසයේ නිරතව සිටි රැඳවියන් 9 දෙනෙකු අද (17) අලුයම එලෙස පලාගොස් ඇති බවයි.
ඔවුන්ගෙන් දෙදෙනෙකු මේ වන විටත් බන්ධනාගාර නිලධාරින්ගේ භාරයට ගෙන තිබේ.
පලාගිය සෙසු රැඳවියන් සොයා පොලිසිය සමග එක්ව මෙහෙයුම් ආරම්භ කර ඇතැයි, බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කළේ ය.