.webp)
COLOMBO (News 1st) – අලුත් අවුරුදු සතිය තුළ විවිධ අනතුරු හේතුවෙන් දෛනිකව පුද්ගලයින් 3000ත් - 4000ත් අතර සංඛ්‍යාවක් නේවාසික ප්‍රතිකාර සඳහා රෝහල්ගත කෙරෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
එහි බෝ නොවන රෝග විද්‍යා ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ සමිත සිරිතුංග මහතා පැවසුවේ රිය අනතුරු , ගිනි කෙළි අනතුරු , දියේ ගිලීම්වලින් පුද්ගලයින් එලෙස රෝහල්ගත කෙරෙන බවයි.
වසරේ වෙනත් දිනවලදි විවිධ අනතුරු හේතුවෙන් දෛනිකව පුද්ගලයින් 3000 කට ආසන්න සංඛ්‍යාවක් රෝහල්ගත කෙරෙන බව ඔහු ප්‍රකාශ කළේ ය.
මේ අතර, ගම්පොල , හෙම්මාතගම මාර්ගයේ ඊයේ පස්වරුවේ සිදුවූ රිය අනතුරකින් 67 හැවිරිදි ඔස්ට්‍රේලියානු ජාතික කාන්තාවක් මියගොස් තිබේ.
පොලිසිය පැවසුවේ මෝටර් රථයක් රියැදුරුට පාලනය කරගත නොහැකිව අඩි 12ක පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් අනතුර සිදුව ඇති බවයි.