.webp)

අද දිනට තරගය නතර කරන විට පළමු ඉනිම ක්‍රීඩා කරන සංචාරක අයර්ලන්තය කඩුලු 7ක් දැවී රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 117කි.
අද දිනට තරගය ආරම්භ කරන විට කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 4ක් දැවී ලකුණු 386ක් රැස් කරගන්නට සමත්විය.
දිනයේ පළමු කඩුල්ල ලෙස ප්‍රභාත් ජයසූරිය පිටියෙන් ඉවත් වුණේ ලකුණු 16කටයි.
ධනංජය ද සිල්වා ලකුණු 12කට දැවී ගියේ ය.
අනතුරුව දිනේෂ් චන්දිමාල් සමග පිටියේ ස්ථාවර වූ සදීර සමරවික්‍රම ශ්‍රී ලංකා 7 වැනි කඩුල්ලට ලකුණු 183ක නොබිඳුණු සබඳතාවක් ගොඩනැගී ය.
එය මෙම ක්‍රීඩාංගණයේදී පිතිකරුවන් දෙදෙනෙක් 7 වැනි කඩුල්ලට ගොඩනැගූ ඉහළම ලකුණු සබඳතාව මෙය වේ.
14 වැනි ටෙස්ට් ශතකය රැස් කළ දිනේෂ් චන්දිමාල් නොදැවී ලකුණු 102ක් රැස් කරගෙන සිටියේ ය.
සදීර සමරවික්‍රම අද රැස් කළේ මංගල ටෙස්ට් ශතකයයි.
කඩුලු 6ක් දැවී ලකුණු 591ක් රැස් කරගෙන සිටියදී ශ්‍රී ලංකා කණ්ඩායම ඉනිම අත්හිටුවී ය.
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි අයර්ලන්ත කණ්ඩායමේ මුල් පෙළ කඩුලු දෙක බිඳ වැටුණේ ලකුණු 4කදී ය.
අනතුරුව ක්‍රියාත්මක වූ ප්‍රභාත් ජයසූරිය හමුවේ අයර්ලන්ත ක්‍රීඩකයින් දැඩි පසුබෑමට ලක් විය.
ප්‍රභාත් ජයසූරිය ලකුණු 42ට කඩුලු 5ක් දවාගත් අතර ඔහු ටෙස්ට් ඉනිමකදී කඩුලු 5ක් දවා ගත් පස්වැනි අවස්ථාව මෙය වේ.
