.webp)
COLOMBO (News 1st) – සත්කාරක ශ්‍රී ලංකා සහ අයර්ලන්ත කණ්ඩායම් අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අද දෙවැනි දිනටත් ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදි පැවැත්වේ.
සිය පළමු ඉනිම ක්‍රීඩා කරන අයර්ලන්තය තේ විරාමයට තරගය නතර කරන විට කඩුලු 2ක් දැවී රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 27කි.
තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම ඉනිම අත්හිටුවූයේ කඩුලු 6ක් දැවී ලකුණු 591ක් රැස් කරගෙන සිටියදීයි.
සදීර සමරවික්‍රම සහ දිනේෂ් චන්දිමාල් ශතක රැස් කළේ ය.