අමෙරිකාවේ වෙඩි තැබීමකින් 4 දෙනෙකු මරුට..

අමෙරිකාවේ උපන්දින සාදයක වෙඩි පත්තුවෙයි... පුද්ගලයින් 4 ක් මරුට

by Staff writer 17-04-2023 | 9:19 AM

COLOMBO (News 1st) – අමෙරිකාවේ, ඇලබාමා ප්‍රාන්තයේ උපන්දින සාදයකට එල්ල වූ වෙඩි තැබීමකින් පුද්ගලයන් 04 දෙනෙකු මිය ගොස් තිබේ. 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, තවත් පුද්ගලයින් 28 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බවයි. 

තුවාල ලැබූ පිරිස් අතුරින් බහුතරයක් උපන්දින උත්සවයට සහභාගී වූ නව යෞවනියන් බව විදෙස් වාර්තාවල සඳහන් ය. 

ප්‍රහාරය එල්ල කළ වෙඩික්කරු පිළිබඳව මෙතෙක් තොරතුරු අනාවරණය වී නැහැ.