.webp)
නිව්ස්ෆස්ට් සංවිධානය කරන සත්කෝරලයට අවුරුදු උළෙල අද (16) දවස පුරා පැවැත්වෙන්නේ, ගල්ගමුව, යූ. බී. වන්නිනායක ක්‍රීඩාංගණයේදීය.
හෙළ සංස්කෘතිකාංගවලට මුල්තැනක් දෙමින් අවුරුදු කුමරා - කුමරිය තේරීම, කොට්ටා පොරය, කඹය ඇඳීම වැනි සම්ප්‍රදායික අවුරුදු ක්‍රීඩා ඇතුළු විචිත්‍රාංග රැසකින් මෙවර බක්මහ මංගල්‍ය සමන්විත වේ.
මේ අතර අවුරුදු උළෙලට සමගාමීව අද (16) රාත්‍රීයේ ගල්ගමුව යූ.බී වන්නිනායක ක්‍රීඩාංගණයේ සිට සීදුව බ්‍රාවෝ සංගීතයට ජනප්‍රිය ගී තරු රැසක් ගීතවත් වීමට නියමිතය.