.webp)
COLOMBO (News 1st) – අපරාධ සිදුවීම් රැසක් සම්බන්ධයෙන් චෝදනා ලැබ අත්අඩංගුවේ පසු වූ ඉන්දීය හිටපු දේශපාලනඥයෙකු වන අතික් අහමඩ් සහ ඔහුගේ සහෝදරයා වෙඩි තබා ඝාතනය කර තිබේ.
මෙම ඝාතනය සිදුව ඇත්තේ රූපවාහිනි සජීවී විකාශයක් අතරතුරදී ය.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, වෛද්‍ය පරීක්ෂණයක් සඳහා බන්ධනාගාරයෙන් පිටතට රැගෙන යමින් සිටියදී තුවක්කුකරුවන් කිහිප දෙනෙකු මෙලෙස වෙඩි තබා ඇති බවයි.
මාධ්‍යවේදීන් ලෙස පෙනී සිටිමින් ඔවුන් වෙඩි ප්‍රහාර එල්ල කර තිබේ.
වෙඩි ප්‍රහාරවලින් පොලිස් කොස්තාපල්වරයෙකු සහ මාධ්‍යවේදියෙකු ද තුවාල ලබා තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, වෙඩි තැබීම සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බවයි.
අතික් අහමඩ් පුද්ගලයෙකු පැහැර ගැනීමේ සිදුවීමක් සම්බන්ධයෙන් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබූ අතර, ඔහුට එරෙහිව පුද්ගල ඝාතන චෝදනා රැසක් ද පවතී.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඔහුගේ පුත්‍රයාද මීට දින කිහිපයකට පෙර පොලිසිය සමඟ ඇති වූ වෙඩි හුමවාරුවක දී මියගොස් ඇති බවයි.