රිලවුන් ඇල්ලීමට විශේෂ පුහුණුවක්..

රිලවුන් ඇල්ලීමට දුරස්ථ පාලකයකයින් ක්‍රියාත්මත කළ හැකි විශේෂ කූඩු වර්ගයක්..

by Staff writer 16-04-2023 | 3:11 PM

COLOMBO (News 1st) – රිලවුන් ඇල්ලීම සඳහා දුරස්ථ පාලකයකයින් ක්‍රියාත්මත කළ හැකි විශේෂ කූඩු වර්ගයක් හඳුන්වා දෙන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යාංශය සඳහන් කළේ, එම කූඩු භාවිත කිරීම සඳහා රිලවුන් අල්ලනු ලබන පුද්ගලයින්ට විශේෂ පුහුණුවක් ද ලබාදෙන බවය.

වගාවට හානි කරන රිලවුන් ඉවත් කිරීමේ වැඩපිළිවෙළට සියලු ගොවි සංවිධානවල සහය හිමිවී ඇතැයි ද කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

වන සත්ත්ව හානි අවම කර ගැනීම සඳහා සෑම වගා බිමකින්ම අක්කර භාගයක් සතුන්ට ආහාර පිණිස වෙන් කළ යුතු බවට සත්ත්ව සුබසාධන සංවිධානයක් ඉල්ලීමක් කර ඇතැයි ද අමාත්‍යාංශය නිවේදනය කළේ ය.

චීනයේ සත්ත්වෝද්‍යාන සඳහා මෙරට රිලවුන් 100,000 ක් ලබාදෙන ලෙස ඉදිරිපත්ව ඇති යෝජනාව සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා මේ වනවිට කමිටුවක් පත්කර තිබේ.

ඒ, වනජීවි දෙපාර්තමේන්තුව, ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව, නීතිපති දෙපාර්තමේන්තුව, කෘෂිකර්ම අමාත්‍යාංශය හා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ඇතුළු ආයතනවල නියෝජිතයින්ගේ සහභාගිත්වයෙනි.