.webp)
COLOMBO (News 1st) – දුම්රිය ගමන්වාර 30කට අධික සංඛ්‍යාවක් අද(16) අවලංගු කිරීමට සිදුවූ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, රියැදුරන් සේවයට වාර්තා නොකිරීමෙන් එම තත්ත්වය ඇතිවූ බවයි.
දුර ගමන් සේවා සඳහා ප්‍රමුඛතාව දී දුම්රිය ධාවනයට පියවර ගත් බව ද, ඔහු ප්‍රකාශ කළේ ය.
මේ අතර, හෙට කාර්යාල දුම්රිය ඇතුළු දුරගමන් සේවා දුම්රිය ධාවනයට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග මේ වනවිට ගෙන ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. .
එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, දැනට සේවයට වාර්තා කර ඇති රියැදුරන් ධාවන කටයුතු සඳහා යොදවා ඇති බවයි.
රියැදුරන් සේවයට වාර්තා කිරීම අනුව, හෙටත්, ඇතැම් විට සියලු මාර්ගවල දුම්රිය කිහිපයක් අවලංගු වීමේ අවදානමක් පවතින බවද, දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ය.
මේ අතර, අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා ගිය ජනතාවට යළි කොළඹ පැමිණීම සඳහා හෙට සිට විශේෂ බස් සේවා ක්‍රියාත්මක බව, ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි.