.webp)
COLOMBO (News 1st) – යාපනය, ඩෙල්ෆ්ට් දූපතට බටහිර දෙසින් වූ මුහුදු ප්රදේශයේදී කේරල ගංජා තොගයක් සමග සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
නාවික හමුදාව සඳහන් කළේ, අදාළ යාත්රාවේ මලු 02ක් තුළ කුඩා ඇසුරුම් 23ක සඟවා තිබියදී කේරල ගංජා කිලෝ 62ක් එලෙස සොයාගත් බවය.
ඒවායේ වටිනාකම රුපියල් මිලියන 20 ඉක්මවයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් පොලීසියට භාර දෙන බව, නාවික හමුදාව සඳහන් කළේ ය.