.webp)
COLOMBO (News 1st) – නෙළුව, සුදුවැල්ලාව ප්රදේශයේදී අතුරුදන්ව සිටි කුඩා දරුවාගේ සිරුර සොයාගෙන තිබේ.
ඒ, ඔවුන් පැමිණි ඥාති නිවස ආසන්න ඇළ මාර්ගයක තිබියදී ය.
පොලීසිය පැවසුවේ, දරුවා ඇළට වැටී දියේ ගිලීමෙන් මියයන්නට ඇතැයි සැක කරන බවය.
එලෙස මියගොස් ඇත්තේ, කළුතර ප්රදේශයේ පදිංචිව සිටි අවුරුදු 02 යි මාස 7 ක දරුවෙකි.
මළ සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සඳහා කරාපිටිය ශික්ෂණ රෝහලට රැගෙන යාමට නියමිතව තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ක්රියාත්මකයි.