බිත්තර ලක්ෂ 10ක් රැගත් නෞකාවක් කොළඹ වරායට

බිත්තර ලක්ෂ 10ක් රැගත් නෞකාවක් කොළඹ වරායට

by Staff writer 15-04-2023 | 4:34 PM

COLOMBO (News 1st) - බිත්තර ලක්ෂ 10ක් රැගත් නෞකාවක් කොළඹ වරායට සේන්දු වී තිබේ.

රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර මහතා පැවසුවේ, එම නෞකාව ඉන්දියාවේ සිට ඊයේ (14) රාත්‍රී පැමිණි බවයි.

මීට පෙර බිත්තර මිලියන 4 කට අධික ප්‍රමාණයක් මෙරටට රැගෙන එනු ලැබීය.

ඊයේ දින මෙරටට රැගෙන ආ බිත්තර තොගය නිදහස් කිරීමට අදාළ අවසරය ලබා ගැනීමට, සාම්පල් ලබන සඳුදා සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට යොමු කරන බව ආසිරි වලිසුන්දර මහතා පැවසීය.

ඉදිරි සතිය තුළදී තවත් බිත්තර මිලියන 2 ක් මෙරටට ගෙන්වීමට නියමිතය.