ඇඹිලිපිටියේ රිය අනතුරකින් 15කට තුවාල

ඇඹිලිපිටියේ රිය අනතුරකින් 15කට තුවාල

by Staff writer 15-04-2023 | 9:02 PM

COLOMBO (News 1st) - රත්නපුර - ඇඹිලිපිටිය ප්‍රධාන මාර්ගයේ 98 කණුව ප්‍රදේශයේ අද (15) පස්වරුවේ සිදු වූ රිය අනතුරකින් පුද්ගලයින් 15 දෙනෙකු තුවාල ලබා තිබේ.

පොලීසිය පැවසුවේ, ඇඹිලිපිටිය දෙස සිට රත්නපුර දෙසට ධාවනය වූ කැබ් රථයක් එක්වරම මාර්ගය හරහා හැරවීමට උත්සහ කිරීමේදී රත්නපුර දෙස සිට පැමිණී වෑන් රථයක ගැටී වෑන් රථය මාර්ගයෙන් ඉවතට පැන ඇති බවයි.

එම අවස්ථාවේ රත්නපුර දෙස සිට පැමිණි යතුරුපැදියක් ද ගැටීමට ලක්ව තිබේ.

අනතුරින් වෑන් රථයේ රියැදුරු, එහි ගමන්කළ පිරිස සහ යතුරුපැදිකරු ඇතුළු 15 දෙනෙකු තුවාල ලබා ඇඹිලිපිටිය රෝහලට ඇතුළත් කර ඇත.

කැබ් රථයේ රියැදුරු පළාගොස් ඇති අතර සැකකරු අත්අඩංගුවට ගැනීමට විමර්ශන ක්‍රියාත්මකයි.