.webp)
ඒ, ජනමාධ්‍යවේදියා ඝාතනය කර වසර 34කට පසුවයි.
පේරු හී හිටපු ජනාධිපති අපේක්ෂකයෙකු මෙන්ම හිටපු අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයෙකුද වන ඩැනියෙල් උරෙස්ටිට වසර 12 ක සිර දඬුවමක් නියම වී තිබෙන්නේ 1988 දී එරට පැවති දරුණු සිවිල් ගැටුමේ උච්චතම අවස්ථාවේ දී මාධ්‍යවේදියෙකු ඝාතනය කිරීමේ වරද හේතුවෙනි.
මානව හිමිකම් කඩකිරීම් පිළිබඳ විමර්ශනය කළ මාධ්‍යවේදියෙකු වූ හියුගෝ බුස්ටියෝස් සහ තවත් මාධ්‍යවේදියෙකු වන Eduardo Rojas අදාළ ප්‍රහාරයට ලක් වූ අවස්ථාවේ තුවාල ලැබූ රොජාස් එම ස්ථානයෙන් පළා යාමට සමත් වුවත් බුස්ටියෝස් බරපතළ තුවාල ලබා ඔවුන් ගමන්කරමින් සිටි යතුරුපැදියෙන් ඇද වැටී තිබුණි.
පසුව හමුදා නිලධාරීන් මේ ජනමාධ්‍යවේදියා ඝාතනය කර තිබුණේ ඔහුගේ සිරුර මත පුපුරණ ද්‍රව්‍ය තබා පුපුරුවා හැරීමෙනි.
එවකට බුද්ධි අංශය භාර කපිතාන්වරයකු වූ පේරු හී හිටපු ජනාධිපති අපේක්ෂක ඩැනියෙල් උරෙස්ටි 1988 නොවැම්බරයේ බුස්ටියෝස් මරා දැමූ සැඟවී සිටීමේ මෙහෙයුමට සහභාගී වූ බවට චෝදනා එල්ල විය.
ඔහු වැරදිකරු කරමින් ලබාදුන් අධිකරණ තීන්දුවට උරෙස්ටි ඔහුගේ බිරිඳ සහ දියණිය සමග සවන් දුන් අතර පොලීසිය විසින් ඔහුව අත්අඩංගුවට ගැනීමට පෙර ඔවුන්ව වැළඳගනිමින් සමුදුන්නේ ය.
පේරු රාජ්‍ය දීර්ඝ කාලයක සිට දේශපාලන අස්ථාවරත්වයෙන් බැටකන රාජ්‍යයක් වන අතර 2016 ජුලි මාසයේ සිට 2022 දෙසැම්බර් වනතෙක් එරට ජනාධිපතිවරු හත්දෙනෙකු අතර බලය මාරුවී ඇති අතර ඇතැම් ජනාධිපතිවරුන්ගේ කාලය දින කිහිපයකට සීමාවුණි.