.webp)

දේශීය පුවත්
1. ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යූහගතකරණය ගැන ඉන්දියාවේ, ජපානයේ සහ ප්‍රංශයේ මතය අද – ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාලව ජපානය, ඉන්දියාව සහ ප්‍රංශය යන රටවල ඉදිරි වැඩපිළිවෙළ නිල වශයෙන් ප්‍රකාශයට පත්කිරීමට නියමිත වේ.
2.ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත ලබන 25 වැනි දා පාර්ලිමේන්තුවට – අධිකරණ ඇමති – ත්‍රස්ත විරෝධි පනත් කෙටුම්පත ලබන 25 වැනි දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මහතා පවසයි.
3.ඕමාන සුරක්ෂා නිවස්නයේ තවත් ලාංකික කාන්තාවන් 76 ක්.. – ඕමානයේ සුරක්ෂා නිවාසයේ තවදුරටත් ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් 76 දෙනෙකු රැඳී සිටින බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.
4.අධික උණුසුම පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්.. : අධික උණුසුම පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.
5.උ/පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම් අඩාලවීමෙන් සමස්ත අධ්‍යාපන ක්‍රියාවලියම අසමතුළිත තත්ත්වකයට පත්වෙලා – විභාග දෙපාර්තමේන්තුව – උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු මෙතෙක් ආරම්භ කිරීමට නොහැකිවීමෙන් සමස්ත අධ්‍යාපන ක්‍රියාවලියම අසමතුළිත තත්ත්වකයට පත්වි ඇතැයි විභාග දෙපාර්තමේන්තුව පවසයි.
විදෙස් පුවත්
1. රුසියාවට සහය පළ කරන පුද්ගලයින් සහ ව්‍යාපාර 120කට අමෙරිකාවෙන් සම්බාධක– රුසියාවට සහය පළ කරන පුද්ගලයින් සහ ව්‍යාපාර 120කට අමෙරිකාව සම්බාධක පනවා තිබේ.
ක්‍රීඩා පුවත්
1. ආසියානු රග්බි සංගමය මගින් ශ්‍රී ලංකා රග්බි ආයතනයට පැනවූ තහනම ඉවතට..– ආසියානු රග්බි සංගමය මගින් ශ්‍රී ලංකා රග්බි ආයතනයට පනවා තිබූ තහනම ඉවත් කර තිබේ.
