.webp)
COLOMBO (News 1st) – සිංහල - දෙමළ අලුත් අවුරුද්ද පිළිගැනීම සඳහා මේ වනවිට රටම සූදානම් වෙයි.
පුණ්‍ය කාලය උදාවට තවත් ඉතිරිව ඇත්තේ, සුලු වේලාවකි.
සිංහල දෙමළ අලුත් අවුරුද්ද උදා වන්නේ, අද (14) පස්වරු 2.59 ටයි.
අද පෙරවරු 8.35ට පුණ්‍ය කාලය උදාවන අතර එය ගෙවී යන්නේ රාත්‍රි 9.23 ටයි.
පෙරවරු 8.35ට පෙර සියලු වැඩ අත්හැර ආගමික වතාවත්වල යෙදීම යහපත් බව ජ්‍යෝතිෂයේ සඳහන් ය.
ආහාර පිසීමේ නැකත යෙදී ඇත්තේ අද පස්වරු 3.29 ටයි.
විචිත්‍ර වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා ලිප් බැඳ ගිනි මොළවා දීකිරී මිශ්‍ර කිරිබතක් ද තල හා විළද මිශ්‍ර කැවිලි වර්ගයක් ද පිළියෙල කිරීම යහපත් බව, ජෝතිෂයේ දැක්වෙයි.
වැඩ ඇල්ලීම, ගනු දෙනු කිරිම හා ආහාර අනුභව කිරීමේ නැකත යෙදී ඇත්තේ, අද පස්වරු 5.05ටයි.
විචිත්‍ර වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා සියලු වැඩ අල්ලා ගනුදෙනු කර ආහාර අනුභව කළ යුතු බව, නැකැත් පත්‍රයේ දැක්වෙයි.
හිසතෙල් ගෑමේ නැකත යෙදී ඇත්තේ ලබන 16 වැනිදා පෙරවරු 9.41 ටයි.
රතු හා කහ මිශ්‍ර වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා හිසට ඉඹුල් පත්ද පයට නුග පත්ද ඉඹුල් පත් යුෂ මිශ්‍ර නානු හා තෙල් ගා ස්නානය කිරීම යහපත් බව ජ්‍යෝතිෂයේ දැක්වෙයි.
රැකි රක්ෂා සඳහා පිටත්ව යාමේ නැකත, ලබන 17 වැනි සඳුදා උදෑසන 6.28 ට යෙදී තිබේ.
ජ්‍යෝතිෂයේ සඳහන් වන්නේ, සුදු පැහැ වස්ත්‍රාභරණයෙන් සැරසී දී කිරි මිශ්‍ර කිරිබතක් හා කැවිලි වර්ගයක් අනුභව කර දකුණු දිශාව ලබා රැකී රක්ෂා සඳහා පිටත්ව යාම යහපත් වන බවයි.