අමෙරිකාවේ රහස් ලේඛන පිට කළ සැකකරු අත්අඩංගුවට

අමෙරිකාවේ රහස් ලේඛන පිට කළ සැකකරු අත්අඩංගුවට

by Staff writer 14-04-2023 | 7:46 AM

COLOMBO (News1st) – අමෙරිකාවේ රහස් ලේඛන පිට කළ සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ. 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ , අදාළ පුද්ගලයා 21 හැවිරිදි ගුවන් හමුදාවේ ජාතික ආරක්ෂක බලකායේ සාමාජිකයෙකු බවයි.

ඔහු අන්තර්ජාල සූදු කණ්ඩායමක නායකයෙකු බව ද අනාවරණය වී තිබේ. 

රහසිගත ආරක්ෂක තොරතුරු සම්ප්‍රේෂණය කිරීමේ සහ ඔත්තු බැලීමේ අපරාධ පනත යටතේ ඔහුට එරෙහිව චෝදනා ගොනු කරන බව අමෙරිකානු බලධාරින් සඳහන් කළේ ය.

යුක්‍රේනයේ සහ ලොව පුරා අනෙකුත් රටවල යුද්ධය පිළිබඳ සංවේදී බුද්ධි තොරතුරු රැසක් එම රහස් ලේඛනවල ඇතුළත් බව විදෙස් මාධ්‍ය පවසයි.