.webp)
COLOMBO (News 1st) – වැලිගම,කොහුනුගමුව ප්‍රදේශයේ නිවසක තිබී තරුණයෙකුගේ මළ සිරුරක් හමුවී තිබේ.
පොලිසිය පැවසුවේ, 24 හැවිරිදි තරණයෙකුගේ සිරුරක් එලෙස සොයා ගෙන ඇති බවයි.
විමර්ශනයේදී අනාවරණ වී ඇත්තේ, පුද්ගලයින් කිහිපදෙනෙකු සමග මත්පැන් පානය කර ඇති ඔහුට නාඳුනන පුද්ගලයින් කිහිපදෙනෙකු පහර දී ඇති බවයි.
මරණයට හේතුව පශ්චාත් මරණ පරීක්ෂණයේදී නිශ්චිතව අනාවරණය කර ගැනීමට හැකිවනු ඇති බව පොලිසිය ප්‍රකාශ කළේ ය.