තවත් ආනයනික බිත්තර මිලියනයකට අනුමැතිය හිමිවෙයි

තවත් ආනයනික බිත්තර මිලියනයකට අනුමැතිය හිමිවෙයි

by Staff writer 13-04-2023 | 4:56 PM

COLOMBO (News 1st) : ඉන්දියාවෙන් ආනයනය කරන ලද තවත් බිත්තර මිලියනයක් සඳහා සත්ත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අනුමැතිය හිමි වී තිබේ. 

රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාව සඳහන් කළේ, අදාල බිත්තර තොගය අද (13) පස්වරුවේ බේකරි නිෂ්පාදකයින් සහ මහා පරිමාණ හෝටල් සඳහා නිකුත් කිරීම ආරම්භ කළ බවයි.

ඉන්දියාවෙන් ආනයනය කරන ලද තුන්වන බිත්තර තොගය මෙය වන අතර, බිත්තර හිඟයට පිළියමක් ලෙස ඉන්දියාවෙන් බිත්තර ආනයනය කිරීමට පසුගියදා කැබිනට් අනුමැතිය හිමි විය.