.webp)
දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ, කොළඹ කොටුවේ සිට නගර කිහිපයක් වෙත අදත් විශේෂ දුම්රිය ධාවන වාර ක්‍රියාත්මක වන බවය.
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය හා ජාතික ගමනාගමන කොමිෂන් සභාව මගින්ද විශේෂ ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබේ.
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධීකාරී ඒ. එච්. පණ්ඩුක ස්වරණහංස මහතා සඳහන් කළේ, ප්‍රවාහන සේවා නිසි පරිදි පවත්වාගෙන යාමට ලබන 18 වැනි දා දක්වා ලංගම සේවකයින්ගේ නිවාඩු අවලංගු කළ බවයි.
අලුත් අවුරුදු නිවාඩු සමයේ ආසන වෙන් කිරීමේ සේවාව ද අවලංගු කර ඇති බව ඔහු ප්‍රකාශ කළේ ය.