.webp)
COLOMBO (News 1st) – ඕමානයේ සුරක්ෂා නිවාසයේ තවදුරටත් ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් 76 දෙනෙකු රැඳී සිටින බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.
එහි මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ගාමිණි සෙනරත් යාපා මහතා සඳහන් කළේ, ඉන් 36 දෙනෙකු සංචාරක වීසා මත එරට රැකියා සඳහා යොමු වූ පිරිස් බවයි.
කාර්යාංශයේ ලියාපදිංචි වීමකින් තොරව විදේශ රැකියා සඳහා යොමුවන පිරිස් සුරක්ෂා නිවස්නවල රැකවරණය ලබා නොදෙන බව ද ඔහු පැවසුවේ ය.