අල්ලස් ගත් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට..

අල්ලස් ගත් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට..

by Staff writer 13-04-2023 | 3:26 PM

COLOMBO (News 1st) – අල්ලස් ගත් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු පොළොන්නරුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. 

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම සඳහන් කළේ, නීති විරෝධී මත්පැන් ජාවාරමක් පවත්වාගෙන යාමට ඉඩදීම සඳහා සැකකාර පොලිස් නිලධාරීන් දෙදෙනා අදාළ ජාවාරම්කරුවාගෙන් රුපියල් 9000ක අල්ලස් මුදලක් ලබා ගනිද්දී ඔවුන් අත්අඩංගුවට ගත් බවයි.

සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 25 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ.