.webp)

COLOMBO (News 1st) : අධික උණුසුම පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, බස්නාහිර, දකුණ, නැගෙනහිර, උතුරු මැද පළාත් මෙන්ම කුරුණෑගල, කිලිනොච්චි, වව්නියා, සහ මුලතිව් දිස්ත්‍රිකවල ඇතැම් ස්ථානවල අද(13) සහ හෙට(14) මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමක පවතිනු ඇතැයි අපේක්ෂා කරන බවයි.
අදාල කාල සීමාව තුළ උෂ්ණත්වයට නිරාවරණය වී ක්‍රියාකාරකම්වල නිරත වීම හේතුවෙන් විජලනය වැනි තත්ත්වයන් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමෙන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් ය.
