.webp)
COLOMBO (News 1st) - බලංගොඩ වලවේ ගඟේ ගිලී අතුරුදන්වූ ළමුන් දෙදෙනාගේ සිරුරු සොයා ගෙන තිබේ.
ඒ , පොලිසිය හා ප්‍රදේශවාසින් එක්ව කළ මෙහෙයුමකදියි.
මිය ගොස් ඇති ළමුන් දෙදෙනාගේ වයස අවුරුදු 17 ක් සහ 15 කි.
ඔවුන් ඇල්ලේඅරාව හා තුඹගොඩ ප්‍රදේශවල පදිංචිකරුවන් ය.
ළමුන් 04 දෙනෙකු ඊයේ පස්වරු 4. 30 ට පමණ වලවේ ගගේ දිය නෑමට ගිය අවස්ථාවේදී ඉන් දෙදෙනෙකු දියේ ගිලි අතුරුදන් විය.