.webp)
ඒ, අද (12) අලුයම දක්වා විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සාමාජිකයින් අතර පැවති සාකච්ඡාවකදීයි.
විශ්වවිද්‍යාල ආචාර්යවරුන් මෙම වැඩවර්ජනය ආරම්භ කළේ, පසුගිය මාර්තු 9 වැනි දායි.
ඒ බදු ප්‍රතිපත්තිය ඇතුළු කරුණු කිහිපයකට විරෝධය පළ කරමිනි.
උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම් සඳහා සභභාගිවීමට එම සාකච්ඡාවේදී එකඟතාවකට පැමිණ නැත.
උසස් පෙළ විභාග උත්තර පත්‍ර ඇගයීම ප්‍රමාදවී අදට දින 48 කි.
උසස් පෙළ විභාග උත්තර පත්‍ර පරීක්ෂාව පාසැල් ගුරුවරුන් මුල් කරගනිමින් සිදු කෙරෙන අතර එහි අධීක්ෂණ කාර්ය සිදු කරන්නේ විශ්වවිද්‍යාල අචාර්යවරුන් ය.
මේ සඳහා උසස් පෙළ ගුරුවරුන් 19,000 ක් පමණ අවශ්‍ය වන අතර විශ්වවිද්‍යාල අචාර්යවරුන් 1400 කගේ පමණ සේවය ද අවශ්‍ය වේ.
පසුගිය දා වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව ක්‍රියාත්මක කළ වැඩ වර්ජනයට සමගාමීව විශ්වවිද්‍යාල අචාර්ය සමිති සම්මේලනය උසස් පෙළ උත්තර පත්‍ර ඇගයීමේ කටයුතුවලින් ඉවත් වූයේ ප්‍රමාණවත් ගුරවරුන් නොමැතිව එය ප්‍රමාද වී තිබූ පසුබිමකයි.