මහ බැංකුවේ ලක්ෂ 50 ක් අතුරුදන්වීම ගැන පරීක්ෂණ

මහ බැංකුවේ සුරක්ෂිතාගාරයේ තිබූ 50ක් අතුරුදන්වීම ගැන පරීක්ෂණ

by Staff writer 12-04-2023 | 2:01 PM

COLOMBO (News 1st) - මහ බැංකුවේ සුරක්ෂිතාගාරයේ තිබූ රුපියල් ලක්ෂ 50 ක් අතුරුදන්වූ  බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොලසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.  

ඒ කොටුව පොලිසියට මහ බැංකු නිලධාරීන් කළ පැමිණිල්ලක් අනුවයි.

සිද්ධිය සම්බන්ධයෙන් මහ බැංකුව ද අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.