.webp)
COLOMBO (News 1st) - ණය ප්‍රතිව්‍යූහගතකරණයට චීන සහය ලැබෙනු ඇතැයි මහ බැංකු අධිපති විශ්වාසය පළ කරයි
ණය ප්‍රතිව්‍යූහගතකරණ ක්‍රියාවලියට චීනයේ සහය ලැබෙනු ඇතැයි, අපේක්ෂා කරන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.
වොෂින්ටන් නුවරදී මහ බැංකු අධිපතිවරයා මේ අදහස් පළ කළේ, විදෙස් මාධ්‍යයක් සමග සාකච්ඡාවකට එක් වෙමිනි.
''චීනය කියන්නේ දිගින් දිගටම ලංකාවට සහය දැක් වූ රටක්. ඒ වගේම ඔවුන් අපේ රටට විශාල ආයෝජන ප්‍රමාණයක් ලබා දීලා තියනෙවා. ඉතිං මේ රටවල් දෙකම මේ ක්‍රියාවලිය ඉතා ඉක්මනින් අවසන් කිරීම තුළින් අපිට අපේ ණය යළි ගෙවීමේ ක්‍රියාවලිය ආරම්භ කරන්න පුළුවන්. අපි හිතනවා චීනය අපිට මේ වෙනුවෙන් සහය දක්වයි. මේ වෙනුවෙන් ඔවුන්ගේ සහය ප්‍රසිද්ධියේ අපිට ලබා දීලා තියෙනවා. අපිට විශ්වාසයි ඒ නිසාම චීන සහය ලැබෙයි කියලා''
විදෙස් වාණිජ ණය ලබා දෙන්නන් කෙරෙහි ඇති වන පීඩනය අඩු කිරිම පිළිබඳවත් මහබැංකු අධිපතිවරයා මෙහි දී අදහස් පළ කළේ ය.
''අපි සති දෙකකට කලින් නිවේදනයක් කළා හරි විනිවිදභාවයකින් මහබැංකුව සති භාණ්ඩාගාර බිල්පත් යම්කිසි වෙනත් ක්‍රියාවලියකට අනූකූලව සිදු කරන බවටත්,, ඒ වගේම ස්වෙච්ඡා ක්‍රියාවලියකට අනූව මහබැංකුව සතු බැඳුම්කර ණය ප්‍රතිව්‍යුගතකරණයට යොදා ගන්නවා කියලා. අපි අයි.එම්. එෆ්. ඉල්ලීම් මේ වන විට යම්තාක් දුරට සපුරා තියෙනවා. අය-වැය පරතරය , උද්දමනය යන ආදී අංශ මගින් අපි කැපකිරීම් කරලා තියෙනවා. ඊළඟ පියවර වශයෙන් දේශීය ණය කළමනාකරණය ඇති කළ යුතුයි. අප්‍රේල් මාසය අවසන් වන විට අපේ උපාය මාර්ගයන් ප්‍රකාශයට පත් කිරීමට අප කටයුතු කළ යුතුයි. එවිට අපිට ණය ප්‍රතිව්‍යූහගතකරණය සඳහා වාණිජ ණය හිමියන් මෙන්ම,, ද්විපාර්ශ්වික ණය හිමියන් සමග දිගටම කටයුතු කළ හැකියි''
මේ අතර ඩොලර් මිලියන 257 කට වැඩි බැඳුම්කර සහ පොලී මුදලක්, පැහැර හැරීම හේතුවෙන් හැමිල්ටන් රිසර්ව් බැංකුව විසින් ගෙන ආ නඩුවක්, නිෂ්ප්‍රභ කරන්නැයි ඉල්ලා ශ්‍රී ලංකා රජය ඉදිරිපත් කළ මෝසම එක්සත් ජනපදයේ දිස්ත්‍රික් අධිකරණයක් විසින් ප්‍රතික්ෂේප කර තිබේ.
මහ බැංකු අධිපතිවරයා පැවසුවේ සමාන්තර ක්‍රියාවලික් මගින් ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී කටයුතු කරන බවයි.
''දැන් අපට සමාන්තර ක්‍රියාවලියක් තියෙනවා. අපි දේශීය ණය කළමනාකරණය ක්‍රියාවලිය නිවේදනය කළ පසු අප විසින් වාණිජ සහ නිල ණය හිමියන්ට වැඩි විස්තර ලබා දෙනවා. එවිට මේ ක්‍රයාවලියේ ඉදිරියට යෑමට අපිට හැකි වෙනවා.මේක තමයි අපේ ඉදිරි සැලැස්ම.. ''
ශ්‍රී ලංකාවේ වඩාත් දුෂ්කර ප්‍රතිසංස්කරණ දැනටමත් ක්‍රියාත්මක කර අවසන් බව ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා වැඩිදුරටත් පැවසී ය.
''අපි දැන් අමාරුම ප්‍රතිසංස්කරණ කරලා අවසන්. අපිට විවිධ පාර්ශ්ව විරුද්ධ වෙලා තියෙනවා. ඒ වගේම පසුබෑම් තියෙනවා. නමුත් ශ්‍රී ලංකාව ජනතාව තේරුම් අරන් තියෙනවා මේ අර්බුදයෙන් ගොඩ ඒමට අමාරු ප්‍රතිසංස්කරණ කළ යුතු බව. ඒ වගේම මේ ප්‍රතිසංස්කරණ ඉතා ඉක්මනින් අවසන් කළ යුතු බව. මම හිතනවා මම ජනතාව අපට සහය දක්වයි කියලා. මේ ප්‍රතිසංස්කරණවලින් පස්සේ ජනතාවට තේරේවී මෙහි සැබෑ ප්‍රතිලාභ මොනවද කියන කාරණය. එතකොට ජනතාවට තේරේවී ඇයි මෙවැනි දේවල් අවශ්‍යය කියලා. මේ දේවල් කළොත් පමණයි අපිට ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට හැක්කේ''