.webp)
COLOMBO (News 1st) – උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම කඩිනමින් ආරම්භ කිරීමට මැදිහත් වන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයෙන් ඉල්ලා සිටී.
නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය පවසන්නේ, විශ්වවිද්‍යාල දේශන යළි ආරම්භ කිරීමට විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය ගත් තීරණය සම්බන්ධයෙන් සිය අමාත්‍යාංශය ප්‍රසාදය පළ කරන බවයි.
විශ්වවිද්‍යාල ආචාර්ය සංගමය සමග පැවති සාකච්ඡාවලදී ගැටලු කිහිපයකට විසදුම් ලබා දී ඇති බව සඳහන් කරන අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් පවසන්නේ, යම් ගැටලු සාකච්ඡා කිරීමට අවශ්‍ය නම් ඉදිරි ඕනෑම දිනකදී අධ්‍යාපන අමාත්‍යාංශය ඊට සූදානම් බවයි.
අද අලුයම දක්වා විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සාමාජිකයින් අතර පැවති සාකච්ඡාවකින් පසු ලබන 17 වැනිදා සිට විශ්වවිද්‍යාලවල දේශන කටයුතු යළිත් ආරම්භ කිරීම කෙරෙහි විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය තීරණයකට එළැඹ තිබිණ.
කෙසේ වෙතත් උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම් සඳහා සභභාගී වීමට එම සාකච්ඡාවේදී එකඟතාවකට පැමිණ නොමැත.