අයර්ලන්තයට එරෙහි ශ්‍රී ලංකා සංචිතය

අයර්ලන්තයට එරෙහි පළමු ටෙස්ට් තරගයට ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ..

by Staff writer 12-04-2023 | 4:55 PM

COLOMBO (News 1st) - අයර්ලන්තයට එරෙහි ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ, පළමු තරගය සඳහා සහභාගීවන ශ්‍රී ලංකා  සංචිතය නම්කර තිබේ.

සංචිතය ක්‍රීඩකයින්  15 දෙනෙකුගෙන් සමන්විත වේ.

කණ්ඩායමේ නායකත්වය හිමිව ඇත්තේ, දිමුත් කරුණාරත්නටයි.

කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, ධනංජය ද සිල්වා වැනි ප්‍රවීණ ක්‍රීඩකයින් සමග නිෂාන් මදුෂ්ක සහ මිලාන් රත්නායක ඇතුළු නවක ක්‍රීඩකයින් කිහිප දෙනෙක්ටද මෙවර සංචිතයේ ස්ථානයක් හිමිව අැත.