ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

හෙට (12) විදෙස් ගමන් බලපත්‍ර ලබාගැනීමට කලින් දිනයක් හෝ වේලාවක් වෙන්කරගත් අයදුම්කරුවන්ට දැනුම්දීමක්

by Sagarika Chathumali 11-04-2023 | 4:19 PM

News 1st -  හෙට (12) දිනයේ විදෙස් ගමන් බලපත්‍ර ලබාගැනීම සඳහා  කලින් දිනයක් හෝ වේලාවක් වෙන්කරගත් සියලු අයදුම්කරුවන් දහවල් 12.00 ට පෙර පැමිණ සිය අයදුම්පත් භාර දෙන ලෙස ආගමන හා විගමන දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. 


නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව  පවසන්නේ, හෙට (12) දිනයේ  ආගමන විගමන දෙපාර්තමේන්තුව විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා වේලාවන් ලබා දී ඇති අයදුම්කරුවන් වෙත පමණක් විදෙස් ගමන් නිකුත් කරන බවයි. 

විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා හෙට දිනට වේලාවක් ලබා ගෙන නොමැති අයදුම්කරුවන් එදිනට ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයට හෝ ප්‍රාදේශීය කාර්යාලවලට පැමිණීමෙන් වළකින ලෙස ද එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.