යල කන්නයට තවත් යුරියා මෙට්‍රික් ටොන් 3800ක් මෙරටට

යල කන්නය සඳහා තවත් යුරියා මෙට්‍රික් ටොන් 3800ක් මෙරටට - ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය

by Staff writer 11-04-2023 | 6:28 AM

COLOMBO (News 1st) - ලෝක අහාර හා කෘෂිකර්ම සංවිධානය විසින් මෙරට යළ කන්නයේ භාවිත කිරීම සඳහා යුරියා මෙට්‍රික් ටොන් 3800 ක් මෙරටට ලබාදී තිබේ.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ මහතා සඳහන් කළේ, එම පොහොර තොගය ලබන සතියේ මෙරටට ලැබෙන බවයි.

යුරෝපා සංගමයේ පරිත්‍යාගයක් ලෙසට එය මෙරටට ලබාදී ඇත.

මේ අතර තවත් යුරියා මෙට්‍රික් ටොන් 31000 ක් යළ කන්නයේ භාවිත කිරීම සඳහා මෙරටට ලැබීමට නියමිතව ඇත.

නීති විරෝධීව ගෙන්වන ලද සහ ප්‍රමිතියෙන් බාල කෘමි නාශක ද්‍රව්‍යවලට අදාළ වැටලීම් වැඩි කිරීමටත් ඒවා සොයා බලා අවශ්‍ය නීත්‍යානුකූල පියවර ගන්නා ලෙසටත් පළිබෝධ නාශක රෙජිස්ටාර්වරයාට දන්වා ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

එහි ලේකම් ගුණදාස සමරසිංහ මහතා සඳහන් කළේ, ඊට අදාළ දඩය ද සංශෝධනය කරන මෙන් ඉල්ලා ඇති බවයි.