මැතිවරණ කොමිසම අද රැස්වෙයි

පුංචි ඡන්දෙ ගැන තීරණයක් ගන්න, මැතිවරණ කොමිසම අද රැස්වෙයි

by Staff writer 11-04-2023 | 6:34 AM

COLOMBO (News 1st) - මැතිවරණ කොමිෂන් සභාව අද (11) පෙරවරුවේ රැස්වීමට නියමිතව තිබේ.

මැතිවරණ කොමිසමේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, මැතිවරණය පවත්වනවා ද නැද්ද යන්න අද දිනයේ බොහෝ දුරට තීරණයක් ගනු ඇති බවයි.

මේ අතර ඉදිරි පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ සමාජිකයින් හා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතර විශේෂ සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය කාර්යාලයේදී ඊයේ පැවැත්විය.

අදාළ සාකච්ඡාවෙන් අනතුරුනව පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා මාධ්‍යවෙත පැවසුවේ, අප්‍රේල් 25 පළාත් පාලන මැතිවරණය පැවැත්වීම අසීරු බවයි.

පළාත් පාලන ඡන්දය පැවැත්වෙන දිනය මැතිවරණ කොමිෂන් සභාව අප්‍රේල් 25 ට පෙර ප්‍රකාශයට පත්කරනු ඇති බව එහිදී රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ ය.