.webp)
COLOMBO (News 1st) – දක්ෂිණ අධිවේගී මාර්ගයේ බද්දේගම පිවිසුම ආසන්නයේ අද (11) අලුයම සිමෙන්ති කුඩු රැගත් බවුසරයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරළීමෙන් අනතුරක් සිදුව තිබේ.
අප වාර්තාකරු පැවසුවේ, කොළඹ සිට ගාල්ල දෙසට ධාවනය වූ බවුසරයක් මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි.
සිදුවූ අනතුරින් එම රථයේ රියදුරු සහ රියදුරු සහයක තුවාල ලබා රෝහල්ගත කර ඇති අතර අනතුරෙන් රථයට සහ අධිවේගී මාර්ගයේ ආරක්ෂිත වැට ද දැඩි හානි සිදුව තිබේ.