අප්‍රේල් 25 ඡන්දය තියන්න විදියක් නැහැ - කොමිසම

අප්‍රේල් 25 ඡන්දය තියන්න විදියක් නැහැ - මැතිවරණ කොමිසම

by Staff writer 11-04-2023 | 1:05 PM

News 1st - පලාත් පාලන මැතිවරණය ලබන 25 වනදා නොපැවැත්වෙන බව මැතිවරණ කොමිසම පවසයි. 

නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිසම සඳහන් කළේ,  අධිකරණ තීන්දුවක් මත හෝ මුදල් ලැබීම අනුව මැතිවරණ දිනය තීරණය කරන බවයි.

කෙසේ වෙතත් මේ දක්වා මැතිවරණ කොමිෂන් සභාව පළාත් පාලන මැතිවරණය කඩිනමින් පැවැත්වීම සඳහා ගත් සියලුම ක්‍රියාමාර්ග අඛණ්ඩව ඉදිරියටත් ගනු තබන බව මැතිවරණ කොමිසම සඳහන් කළේ ය. 

මැතිවරණ කොමිසම පලාත් පාලන මැතිවරණය කල් දැමු දෙවන අවස්ථාව මෙයයි.