අණ නොතැකූ මෝටර් රථයකට පොල්ගහවෙලදී වෙඩි

අණ නොතැකූ මෝටර් රථයකට පොල්ගහවෙලදී පොලීසියෙන් වෙඩි

by Staff writer 10-04-2023 | 12:32 PM

 COLOMBO (News1st) –   අණ නොතකා ධාවනය කළ මෝටර් රථයකට පොලීසිය පොල්ගහවෙලදී වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබේ. 

වෙඩි ප්‍රහාරය තැබීම සිදුකර තිබුණේ,  පොල්ගහවෙල අධිකරණය ආසන්නයේදීයි.

මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධව ලද තොරතුරකට අනුව මොටර් රථය නවත්වන ලෙසට පොලීසිය අණ කර තිබේ. 

අණ නොතකා ධාවනය කළ මෝටර්රථයට පොලීසිය වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති අතර සිද්ධියෙන් කිසිවෙකුටත් තුවාල සිදුව නොමැත. 

සිද්ධිය සම්බන්ධයෙන් කාන්තාවක් ඇතුළුව තුන්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර මොටර් රථය තුළ මාස එක හමාරක බිළිඳෙකු ද සිට තිබේ.