වෘත්තීය සමිති එකමුතුවේ නියෝජිත සමුළුවක් අද..

වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුවේ නියෝජිත සමුළුවක් අද..

by Staff writer 10-04-2023 | 8:15 AM

COLOMBO (News1st) – වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව ප්‍රමුඛ සමස්ත ලංකා වෘත්තීය සමිති එකමුතුවේ නියෝජිත සමුළුවක් අද(10) පස්වරුවේ කොළඹදී පැවැත්වෙයි. 

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක, වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පැවසුවේ,  ප්‍රතිත්‍රස්ත පනත, අසාධාරණ බදු ප්‍රතිපත්තිය ඇතුළු කරුණු ගණනාවක් සම්බන්ධයෙන් ඉදිරි තීරණ ගැනීම සඳහා මෙම නියෝජිත සමුළුව පැවැත්වෙන බවයි.