.webp)
COLOMBO (News1st) – රුපියල් මිලියන 44 කට අධික වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් උතුරු මුහුදේ දී නාවික හමුදා භාරයට ගෙන තිබේ.
ඒ ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය, වැල්වැටිතුරෙයි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදේ කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදීයි.
එම සෝදිසි මෙහෙයුමේදී මුහුදේ පාවෙමින් තිබූ කුඩා බහලුම් 04 ක් පරීක්ෂා කිරීමේ දී ඒ තුළ පාර්සල් 58 ක අසුරා තිබූ කේරළ ගංජා කිලෝග්‍රෑම් 134 කට අධික තොගයක් මෙලෙස සොයා ගෙන තිබේ.
නාවික හමුදාව සඳහන් කළේ, ගොඩබිමට රැගෙන ඒමට නොහැකිව ජාවාරම්කරුවන් විසින් මෙම කේරළ ගංජා තොගය මුහුදේ අතහැර දමා යන්නට ඇතැයි සැක කරන බවයි.