මන්නාරමේදී හා පුලස්තිපුරදී පුද්ගල ඝාතන 2 ක්..

මන්නාරමේදී හා පුලස්තිපුරදී පුද්ගල ඝාතන 2 ක්..

by Staff writer 10-04-2023 | 10:46 AM

COLOMBO (News 1st) – පුලස්තිපුරදී කාන්තාවක් තියුණු ආයුධයකින් පහරදී සිය සැමියා ඝාතනය කර තිබේ.   

පවුල් ආරවුලක්  හේතුවෙන් සිදු කළ මෙම පහරදීමෙන් මිය ගොස් ඇත්තේ අවරුදු 29 ක පුද්ගලයෙකි.

ප්‍රහාරය එල්ල කළ බිරිඳ ද තුවාල ලබා ඇති අතර ඇය ලබන 21 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළ බව පොලීසිය සඳහන් කළේ ය.  

මේ අතර දෙපාර්ශ්වයක් අතර ඇතිවූ ආරවුලක් දුරදිග යෑමෙන්  මන්නාරමේදී ද පුද්ගල ඝාතනයක් සිදුව තිබේ. 

පිරිසක් මත්පැන් පානය කරමින් සිට ඇති අතර එහිදි ඇති වූ ආරවුලක් වැළැක්වීමට ගිය පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහරදීමෙන්  මෙම ඝාතනය සිදුව  ඇත. 

එලෙස මිය ගොස් ඇත්තේ, වයස අවුරුදු 35 ක පුද්ගලයෙකි. 

සිද්ධියෙන් කාන්තාවන් තිදෙනෙකු ඇතුළු පුද්ගලයින් 2 දෙනෙකු ද තුවාල ලබා තිබේ. 

සැකකරුවන් හඳුනාගෙන ඇති අතර, ඔවුන් මේ වනවිට ප්‍රදේශයෙන් පලාගෙස් ඇති බව පොලීසිය සඳහන් කළේ ය. 

මේ අතර, පුද්ගලයෙකුගේ මළ සිරුරක් රත්නපුර , ගොරක්ගොඩදී හමුවී තිබේ. 

පොලිසිය සඳහන් කළේ, කුණු කාණුවක් මත තිබියදී මළ සිරුර සොයාගත් බවයි.

එලෙස මිය ගොස් ඇත්තේ, කලක සිට තනිව ජීවත්වූ වයස අවුරුදු 62 ක පුද්ගලයෙකි.

මෙය ඝාතනයක් ද  නැතහොත් හදිසි මරණයක් ද යන්න සොයා පරීක්ෂණ ක්‍රියාත්මකයි.