දුම්රිය හා බස් මගීන්ගේ ප්‍රවේශ පත්‍රය වෙනුවට QR..

දුම්රිය හා බස් මගීන්ගේ ප්‍රවේශ පත්‍රය වෙනුවට QR කේත ක්‍රමයක්

by Staff writer 10-04-2023 | 8:34 AM

COLOMBO (News1st) – දුම්රිය හා බස් මගීන් සඳහා ප්‍රවේශ පත්‍රය වෙනුවට QR කේතයක් හඳුන්වා දෙන බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

අමාත්‍යවරයා පැවසුවේ, මේ වසර තුළදී එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවයි.

අමාත්‍යවරයා සඳහන් කරන්නේ, ඇතැම් බස් රියැදුරන් සහ කොන්දොස්තරවරුන් නියමිත මගී ප්‍රවාහන ගාස්තු ඩිපෝ වෙත ලබා නොදෙන බවයි.
 
දුම්රිය තුළ ද මෙය සිදු වන බව අමාත්‍යවරයා පෙන්වා දෙයි. 

මේ නිසා නව තාක්ෂණය ඇතුළත්ව QR ක්‍රමයක් හරහා ප්‍රවේශ පත්‍රය තමන්ටම ලබා ගැනීමේ ක්‍රමවේදයක් ඇති කරන බව අමාත්‍යවරයා සඳහන් කළේ ය.