අමෙරිකාවේ රහසිගත තොරතුරු රැසක් හෙළිවීම ගැන පරීක්ෂණ

අමෙරිකාවේ රහසිගත තොරතුරු රැසක් හෙළිවීම ගැන පරීක්ෂණ..

by Staff writer 10-04-2023 | 10:25 AM

COLOMBO (News1st) – අමෙරිකාවේ රහසිගත තොරතුරු රැසක් හෙළිවීම පිළිබඳ පරීක්ෂණ අරම්භ කර තිබේ. 

විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ, ඉතා වැදගත් බුද්ධි ලේඛන කිහිපයක් මෙලෙස පිට වී ඇති බවයි .

යුක්‍රේනයේ ගුවන් ආරක්ෂණය පිළිබඳ මෙන්ම ඊශ්‍රායල ඔත්තු ඒජන්සිය පිළිබඳ අමෙරිකානු තොරතුරු රැසක්ද ඊට ඇතුළත් ය .

අමෙරිකානු බුද්ධි අංශ සැක පළ කරන්නේ , අමෙරිකානු ජාතිකයෙක් විසින්ම මෙය සිදු කරන්නට ඇති බවයි.

එමෙන්ම තවත් ආකාරයකින් මෙය රුසියාව විසින් සිදු කර ඇත්දැයි සෙවීම සඳහා ද විමර්ශන ආරම්භ කර තිබේ.  

ලේඛන, වීඩියෝ පට ,ඡායාරූප ඇතුළුව රාජතාන්ත්‍රික තොරතුරු ලක්ෂ 7කට වැඩි ප්‍රමාණයක් අනාවරණය වී තිබේ.