අද පළාත් රැසකට පස්වරුවේ වැසි..

අද පළාත් රැසකට පස්වරුවේ වැසි..

by Staff writer 10-04-2023 | 10:13 AM

COLOMBO (News1st) – අද (10) පස්වරුවේ පළාත් රැසකට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 

ඒ අනුව බස්නාහිර ,සබරගමුව, මධ්‍යම, දකුණ, ඌව සහ වයඹ පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වනු ඇති .

එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ට වැඩි වැසි ඇති වන බව ද කාලගුණ නිවේදනයේ සඳහන් ය.

මේ අතර , අද දහවල් ආණමඩුව, දඹුල්ල, බෙල්ලනේවල සහ කල්කුඩා යන ප්‍රදේශවලට හිරු මුදුන්ව පවතින බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ ය.