සීතාවක ගඟේ දිය නෑමට ගිය තරුණයෙක් අතුරුදන්..

සීතාවක ගඟේ දිය නෑමට ගිය 21 හැවිරිදි තරුණයෙක් අතුරුදන්..

by Staff writer 09-04-2023 | 5:09 PM

COLOMBO (News 1st) – අවිස්සාවේල්ල, ඉහළ තල්දූව ප්‍රදේශයෙන් දිය නෑමට ගිය තරුණයෙකු, සීතාවක ගඟේ ගිලී අතුරුදන්ව තිබේ. 

පොලීසිය සඳහන් කළේ, පිරිසක් සමග දියනෑමට ගිය අවස්ථාවේ ඔහු එම අනතුරට මුහුණ පා ඇති බවයි.

අතුරුදන්ව ඇත්තේ, අත්තිඩියේ පදිංචි 21 හැවිරිදි තරුණයෙකි.

නාවික හමුදාවේ ද සහයෙන් අතුරුදන්වූවන් සෙවීමේ මෙහෙයුම් ක්‍රියාත්මක බව පොලීසිය සඳහන් කළේ ය