දුෂ්කරතා හමුවේ නොබියම සිටින්න-IMFකළමනාකාර අධ්‍යක්ෂ

දුෂ්කරතා හමුවේ නොබියම සිටින්න - IMF කළමනාකාර අධ්‍යක්ෂ

by Staff writer 09-04-2023 | 8:43 PM

COLOMBO (News1st) - ලෝක බැංකු  2023 වාර්ෂික රැස්වීම අමතමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලීනා ජෝර්ජියේවා මහත්මිය ගෝලීය ආර්ථිකය මුහුණ දෙන අභියෝග පිළිබදව පැහැදිලි කළා ය.

"ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාමාජිකයින්ට මූල්‍ය අරමුදල මගින් ණයට ගත හැකි මුදල් ප්‍රමාණයේ තාවකාලික වැඩිවීමක් ඇතුළුව, අවදානමට ලක්විය හැකි මධ්‍යම ආදායම් ලබන රටවල් සඳහා වන සහයෝගය ද අපි වැඩි කර තිබෙනවා. ඒ වගේම අපි ශ්‍රී ලංකාව සහ යුක්රේනය වැනි රටවලට නව මූල්‍ය පහසුකම් සපයා තිබෙනවා. සුවිශේෂී දුෂ්කරතා මඟහරවා ගැනීම සඳහා මෙතරම් උත්සහ කරන මෙම රටවලට ඔබට උපකාර කිරීමට හැකිවීම සම්බන්ධයෙන් අපි ගෞරව කරනවා. මම මේ රටවල් දෙකට සහ විශාල අරගලයක යෙදී සිටින සියලුම රටවලට ඔබේ උදව්වෙන් අත්පොළසන් දීමට සූදානම් දුෂ්කරතා හමුවේ නොබියම සිටින්න. ඔබට ඔබේ මිතුරන් සිටිනවා වගේම ඔබට ඔබේ IMF තියෙනවා."